අසන්ත දී මේල් මහතා සමග පැවති ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම පිලිබද මාධ්‍ය සාකච්චාවේ සාරාංශය

දිමුත් නායකත්වයට පත් කිරිම

මාලිංග හොද නායකත්වයක් මාලිංග තමන්ගේ දක්ශතාවයන් පෙන්නලා තියෙනවා එත් කන්ඩායමෙ අනිත් 10 ඔහුත් එක්ක නෑ එකයි තරග 12 පරාජය වීමට හේතුව. දිමුත් කන්ඩායම එකමුතු කර පෙන්නුවා අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය තුලදි.

චන්දිමාල් ගැන

චන්දිට කන්ඩායමෙ දෙන තැන කියන්න පුලුවන්නම් ??
නො3 ජනිත් 
නො4 මෙන්ඩිස් 
නො5 ඇන්ජි 
නො6 දනංජය 
චන්දි එනවනම් ජනිත් / මෙන්ඩිස්ට අයින් වෙන්න වෙන්නෙ.එයා සුදුසුද එතනට. අනික මුල් 6 පන්දු යැවිය හිකි පීතිකරැවෙක් අවශ්‍යයි.

අකිල දනංජය හා දනංජය සිල්වා.

අකිලගේ නව ඉරියව් එක්ක ඔහුගේ කඩුලු ගැනිම , දගකැවීම දනංජය එක්ක බලනකොට අඩුයි.දනංජය පීතිකරැවෙක් නිසා කන්ඩායමෙ සමබරතාවට මෙය වැදගත්.

ජීවන් හා වැන්ඩසේ

වර්තමානයේ ලෝකය රිස්ට් ස්පින් එකත් එක්ක යන්නේ ඒ නිසා දනංජය ඔෆ් ස්පිනර් ලෙස තබාගෙන වැන්ඩසේ හා ජීවන් ගෙනාවේ. මිලින්ද ඉන්න නිසා වමත් පිටදගපන්දුවෙන් උනත් කන්ඩායම බැලන්ස් කල හැකියි

ආරම්භක පීතිකරැවන්

දිමුත්ගේ කැමැත්ත අනුව මෙය තීරණය කල හැකියි එක්කො අවිශ්ක නැත්නම් තිරිමාන්න නැත්නම් ජනිත් ආරම්භක පීතිකරැවන් වෙවී.

දිමුත් කන්ඩායමෙ මුලින් විකට් වැටිමට විසදුමක්.ගිය මැච් වල විකට් 5ක් ඔවර් 20 වන විට ගියා. ඒ විසදුමට කන්ඩායම ස්තාවරව මුල් ඔවර් 20 තුල කඩුලු ලබා නොදි ක්‍රිඩා කිරිම තමා බලාපොරොත්තුව.
එක defense පීතිකරැවෙක් සමග attack පීතිකරැවෙක් යාම තමා බලාපොරොත්තුව 
මැදපෙලට එතකොට පහසුවෙන් ඉනිම අවසන් කල හැකිවේවී.

දසුන් , ලසිත් , අසේල

දසුන්ට මැ‍යි වෙනකොට හොදවෙයි.අබාධ වලින් ආපු ගමන් ෆෝම් එක සුවර් කරන්න අමාරැයි
අසෙල හා ලසිත් ඉන්ජරි තාම. 

කුසල් ජනිත් කීපර් වීම.

ජනිත්ට කීපින් කරන විට ඉන්ජරි අවම බව Physio තහවුරැ කරා. කුසල් මෙන්ඩිස් අතිරෙක කීපර් වේවී.

තිරිමාන්න ඇතුලත් වීම.

2015 ලෝක කුසලානේ ලංකාව වෙනුවෙන් දෙවනි වැඩිම ලකුනු.අත්දැකීම් සතු පීතිකරැවෙක්



Was this post helpful?
Let us know if you liked the post. That’s the only way we can improve.
Yes1
No1
Powered by Devhats

Leave a Reply

Your email address will not be published. Required fields are marked *